FAST NEWS

24×7 Around the Globe

විදුලි බල මණ්ඩල සේවකයෝ වර්ජනයකට යති…

විදුලි බල මණ්ඩල සේවක වැටුප් විෂමතා ගැටළුව විසඳීමට කටයුතු නොකරන බැවින් මාර්තු14 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජිත් ජයලාල් මහතා අද (09) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

එ අනුව ඉංජිනේරු නොවන ශ්‍රේණිවල සේවය කරන සියලුම දෙනා මෙම කාලය තුළ ලෙඩ නිවාඩු දමා විරෝධය දක්වන බවත්, ජනතාවට සිදුවන අපහසුතාවන් පිළිබඳව වගකීම ආණ්ඩුව බාරගත යුතු බවද හෙතෙම පැවසීය.

2015 වසරේදී ඉංජිනේරුවරුන්ට 70%ත් 120%ත් අතර ප්‍රමාණයකින් වැටුප් වැඩි කිරීම හේතුවෙන් මෙම ගැටලුව ඇතිවී තිබෙන බවද, ලේකම්වරයා මෙහිදි වැඩි දුරටත් සඳහන් කළේය.

ADS