FAST NEWS

24×7 Around the Globe

මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන ජනපති කොමීසමෙන් අවවාද කෙරේ..

මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු නොපැවසීමට සැළකිලිමත් වන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන මහතාට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත් කෙරුණු ජනාධිපති කොමිසම  අද (9) අවවාද කළේය.

බැඳුම්කර කොමිසමට වාර්තාවක් යැවු බව මාධ්‍ය හමුවේදී තමා පැවසු කරුණු අසත්‍ය බව බන්ධුල ගුණවර්ධන මහතා බැඳුම්කර කොමිසම හමුවේ පිළිගැනීමෙන් අනතුරුව ඔහුට අවවාද කළ කොමසාරිස්වරු ඉන් අනතුරුව ඔහුගේ ප‍්‍රකාශයක්ද සටහන් කර ගත්හ.

බැදුම්කර ගණුදෙනුව පිළිබඳව තමා දන්නා තොරතුරු හෙළි කිරීම සඳහා තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙස බන්ධුල ගුණවර්ධන මහතා බැඳුම්කර කොමිසමෙන් කර තිබු ඉල්ලීමකට අනුව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඊයේ (08‍)  කළ දැනුම් දීමකට අනුව ඔහු අද (09) එහි පෙනී සිටියේය.

ADS