FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති ඇමති රවීගෙන් රුපියල් කෝටි 100 ක් ඉල්ලයි…

ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාළ ගැසට් පත්‍රය කූට ලෙස ව්‍යාජව සකස් කර හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කිරීමට එරෙහිව රුපියල් කෝටි 100ක වන්දි මුදලක් ඉල්ලා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එන්තරවාසියක් යොමු කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා සඳහන් කර සිටියි.

අනුව මුදල් අමාත්‍යවරයාගෙන් ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වන බවද හෙතෙම පැවසීය.

බැඳුම්කර වංචාවට අදාළව ගැසට් පත්‍රය 2015 ජනවාරි මස 01 වැනි දින මුදල් අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කර ඇති බව රවි කරුණානායක මහතා හෙළිදරව් කෙළේය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්‍ෂය පසුගියදා තහවුරුකර සිටියේ අදාළ ගැසට් පත්‍රය 2016 වර්ෂයේ නොවැම්බර් මාසයේදී නිකුත් කර ඇති බවයි.

ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ අස්සනින් යුතුව ආදළ ගැසට් පත්‍රය ව්‍යාජ ලෙස සකස් කර ඇති බැවින් මේ ක්‍රියාමාර්ගයට යොමු වන බව රංජිත් සොයිසා මහතා වැඩිදුරටත් පැවැසීය.