FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩ වර්ජනයක් ආරම්භ කරති..

වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයක් මුල්කර ගනිමීන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අද (08) සහ හෙට (09) යන දිනයන් හීදී සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරමට කටුයුතු කර තිබේ.

සමස්ත රාජ්‍ය විශ්වවිද්යාල පද්ධතියම ඇතුළත් වන පරිදි විශ්වවිද්‍යාල 15ක මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බව එම සංගමය මාධ්‍ය වෙත පැවසීය.

කෙසේවෙතත් මෙම වැඩවර්ජනය හේතුවෙන් අදාළ දිනයන්හි විශ්වවිද්යාල තුළ පැවැත්වීමට නියමිත විභාග ඇතුළු අනෙකුත් අධ්‍යයන  කටයුතු අඩාල වනු ඇති බව ද එම සංගමය අවධාරණය කර සිටියේය.