FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කරයෙන් අලාභ නම් අය කර ගත යුතුයි – නීතිපතිගෙන් පාර්ලිමේන්තුවට ලිපියක්..

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලදී ඊට සෘජු ලෙසම සම්බන්ධ පාර්ශවයක් කිසියම් අලාභයක් කර ඇත්නම් රජයට එම පාර්ශවයෙන් අලාභය අය කර ගත හැකි බව නීතිපතිවරයා ඊයේ (07) ලිඛිතව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කටයුතු කළේය.

එ අනුය එම ලිපිය කථානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

බැඳුම්කර කෝප් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කළ විමසීමට පිළිතුරු ලිපියක් යොමු කරමින් නීතිපතිවරයා මේ බව නිර්දේශ කිරීමට කටයුතු කර ඇත.

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණයක් කිරීම සඳහා පොලිස් පැමිණිල්ලක් අත්‍යවශ්‍යය  බව නීතිපතිවරයා විසින් නිකුත් කළ එම ලිපියේ සඳහන්.

එසේම දැනටමත් මහ බැංකු අධිපතිවරයා එම පැමිණිල්ල කර ඇති බැවින් කඩිනම් විමර්ශනයක් කර කරුණු වාර්තා කරන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව නීතිපතිවරයා සිය ලිපිය මගින් පෙන් වා දී තිබේ.

එසේම පාඩු අය කර ගැනීමට පෙර අධිකරණයක් ඉදිරියේ එය සාධාරණ අයුරින් ගණනය කළ යුතු බව නීතිපතිවරයා සිය ලිපිය මගින් වැඩි  වැඩිදුරටත් අවධාරණය කර ඇත.