FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනය පස්සට දාති..

ඉල්ලීම් හයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩවර්ජනය ලබන 10 වැනිදා තෙක් අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි.

ඉල්ලීම් සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.සී.ආරියරත්න මහතා සමග අද (07) පස්වරුවේ කළ සාකච්ඡාවකින් පසු සංගමයේ විධායක සභාව රැස්වී එම තීරණය ගත් බව එහි සභාපති එන්.යූ.කේ.ජයවර්ධන මහතා පවසයි.