FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මැයි දින රැළිය මහුනවරදී..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය මහනුවර දී පක්ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

එ අනුව මෙම රැලිය මහනුවර නගරයේ දී පැවැත්වීමටත්, පෙළපාලිය ගැටඹේ සිට ආරම්භ කිරීමටත් මධ්‍යම කාරක සභාවේ දීර්ඝ සාකච්ඡාවකින් පසු තිරණය කළ බව ශ්‍රීලනිප මැයි දින කමිටුවේ සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂ මූලස්ථානයේ දී පවැති මාධ්‍ය හමුවකදී පැවසීය.