FAST NEWS

24×7 Around the Globe

සයිටම් එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි…

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබන 10 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනු කරන බවත් හෙතෙම පැවසීය.

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමකට අදාළව සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යානුකූල බලයක් ඇති බව පසුගියදා අභියාචනාධිකරණය තීන්දු කළේය.

එමෙන්ම සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධි ලබා ගන්නා සිසුන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසද අභියාචනාධිකරණය වෛද්‍ය සභාවට නියෝග කළේය.