FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගෙන් නව නියෝගයක් – රටවල් හයක් සඳහා දින 90 ක සංක්‍රමණ තහනමක්..

මැද පෙරදිග හා අප්‍රිකා රටවල් වෙනුවෙන් පැනවූ සංක්‍රමණික තහනම යාවත්කාලීන කිරීමේ නව නියෝගයට අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (07) අස්සන් තැබු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එ අනුව සංක්‍රමණික තහනම යාවත්කාලීන කිරීමේ නව නියෝගය යටතේ මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙන සුඩානය, සිරියාව, ඉරානය, ලිබියාව, සෝමාලියාව, යේමනය යන රටවල් හයක සංක්‍රමණිකයන් සඳහා දින 90 ක සංක්‍රමණ තහනමක් පැනවෙයි.

නව නියෝගය යටතේ ඉරාකය වෙත පනවා තිබූ තහනම ඉවත් කොට ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.