FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිගේ ආරක්ෂක ප්‍රධානීයාට එරෙහි නඩු 04 ක් කැඳවේ..

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානී නෙවිල් වන්නි ආරච්චිට එරෙහිව වසර පහක් සිය වත්කම් හෙළි නොකළැයි  අල්ලස් කොමිසම පවරා ඇති නඩු හතරක් අද (07)  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙදී විභාගයට ගැනුණී.

එ අනුව මෙම නඩුවට අදාළව පැමිණිල්ලේ හා විත්තියේ ලිඛිත දේශන ගොනු කරන ලෙස අධිකරණය නියෝග කළේය.

අදාළ නඩු විභාගය අප්‍රේල් 25 තෙක් කල් තැබුණු අතර අල්ලස් කොමිසම නඩුව සඳහා තම ප්‍රතිරෝධතාවයන්ද අද ගොනු කළේය.