FAST NEWS

24×7 Around the Globe

මෙම සතිය අවසානයේ සංවහන වැසි වැටේ..

මෙම සතිය අවසානය වනවිට සංවහන වැසි ලැබීම ආරම්භවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජෙනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා‍ කොළඹ අද(06) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එ අනුව මේ මස 10 සහ 11 යන දිනවලදී දිවයින පුරා වැසි ඇතිවිය හැකි බව හෙතෙම ප්‍රකාශ කළේය.