FAST NEWS

24×7 Around the Globe

මූල්‍ය අරමුද‍ලේ ප්‍රධානීයාගේ ශ්‍රී ලංකා සංචාරය කල් යයි..

ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලොගාර්ඩ් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

ඇයගේ ශ්‍රී ලංකා සංචාරය මේ මස තුළ සිදු කිරීමට නියමිතව තිබු අතර නොවැළැක්විය හැකි හේතුවක් මත එම සංචාරය මෙම මස තුළ සිදු නොවන බව පැවසේ.

නුදුරු දිනකදී ක්‍රිස්ටීන් ලොගාර්ඩ් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවනු ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය මුදල්වලින් ශ්‍රී ලංකා රජය අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කිරීම ක්‍රිස්ටීන් ලොගාර්ඩ් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වී තිබුණි.