FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට හයිබ්‍රිඩ් අධිකරණයක්

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ මෙන්ම ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තර අධිකරණයට සම්බන්ධ රෝම සම්මුතියට අත්සන් කළ යුතු යෑයි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රායි හුසේන් විසින් සිය විමර්ශන වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

මාර්තු 22 වැනිදා ප්‍රකාශ කළ යුතු මෙම වාර්තාව මානව හිමිකම් කවුන්සලය විසින් විදේශ තානාපතිවරුන්ට කල් තියා ලබාදී ඇති බවද සඳහන්.

ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට සම්බන්ධ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට නඩු පැවරීමට ක්‍රියා කළ යුතු යෑයි මෙම වාර්තාව මගින් මානව හිමිකම් කවුන්සලයේ සියලු සාමාජික රටවලට නිර්දේශ කර ඇති බවද පැවසේ.

එසේම වගවීමේ යාන්ත්‍රණය සහ සංහිඳියා ක්‍රියාදාමයේ කටයුතු මන්දගාමීව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් හෙතෙම ශ්‍රී ලංකා රජයට චෝදනා නගා ඇත.