FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාවට සරණාගත බෝට්ටු 4 ක් … නෑ – අැමති පීටර්..

ඔස්ට්‍රේලියාවට සරණාගතයන් රැගත් බෝට්ටු හතරක් පැමිණ ඇතැයි ද එහි පැමිණි සරණාගතයන් ඩාවින් වරායේ රඳවා ගෙන තිබෙන බවට ද පැතිර යන වාර්තාවල සත්‍යතාවක් නැතැයි ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් කියයි.

අනවසරයෙන් ඔස්ට්‍රේලියා මුහුදු සීමාවේ මසුන් මරන්නට පැමිණෙන්නන් පිළිබඳ ඔස්ට්‍රේලියා දේශ සීමා ආරක්ෂණ බළකාය සිය මුහුදු සීමාවේ යම් යම් ක්‍රියාන්විතවල යෙදෙන නමුත් මෙවන් සිදුවීමක් තවමත් වාර්තා වී නැතැයි ද ඔහු කියයි.

අමාත්‍යවරයා පවසන්නේ ඔස්ට්‍රේලියාවට අවසන් වරට අනවසර සරණාගත බෝට්ටුවක් ළඟා වී ඇත්තේ මෙයට දින 900 කට එනම් වසර දෙකහමාරකට පෙර බව ය. මේ කටකතා සරණාගතයන්ට පක්ෂ ඇතැම් කණ්ඩායම් විසින් ගොතා පතුරුවා ලන ඒවා බවත් ඔහු කියා සිටියි.