FAST NEWS

24×7 Around the Globe

ඉදිරි රජයක කිසිඳු තනතුරක් බලාපොරොත්තු වෙන්නේ නෑ…

ඉදිරියේ ඇති වන රජයක කිසිඳු තනතුරක් ලබා ගැනීමට අපේක්ෂා නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

වියතුන් රාජ්‍ය පාලන තන්ත්‍රයට සම්බන්ධ වුවද දේශපාලනඥයෙකුවීම අවශ්‍ය නොවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

එබැවින් රට යහපත් මාර්ගයට ගෙන ඒම සඳහා වියතුන් සමඟ එක්ව ක්‍රමවේදයක් සකස් කරන බව බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.