FAST NEWS

24×7 Around the Globe

ත්‍රීරෝද රථ සඳහා ප්‍රමිතිගත මීටරයක් ලබා දීමට යයි…

ත්‍රීරෝද රථ සඳහා මුදල් ගෙවීමකින් තොරව නොමිලේ ප්‍රමිතිගත මීටරයක් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

මහනුවර ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සංගමයේ සංවත්සර සැමරුම් අවස්ථාවකට එක්වෙමින් වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.