FAST NEWS

24×7 Around the Globe

MH370 යානය සෙවීමේ පෞද්ගලික සෝදිසි මෙහෙයුමක්..

අතුරුදහන් වූ MH370 යානය සෙවීමේ පෞද්ගලික සෝදිසි මෙහෙයුමක් දියත් කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට එම යානයේ ගමන් ගනිමින් සිටි ගුවන් මගීන්ගේ ඥාතීන් පියවර ගෙන තිබේ.

පළමු සෝදිසි මෙහෙයුම් දියත් කරන ලද කලාපයට උතුරින් වූ මුහුදු කලාපය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙහෙයුමක් දියත් කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන පහළොවක මුදලක් වැය වනු ඇති බවට ගණන් බලා ඇත.

මෙයින් වසර තුනකට පෙර ක්වාලාලම්පූර් සිට චීනයේ බේජිං අගනුවර බලා ගමන් කරමින් තිබූ MH370 යානය එහි කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් දෙසිය තිස්නමයක් සමග අතුරුදහන් විය.

යානය සෙවීම සඳහා දකුණු ඉන්දීය මුහුදු කලාපයේ දියත් කෙරෙමින් තිබූ නිල සෝදිසි මෙහෙයුම පසුගිය ජනවාරි මාසයේ දී අත්හිටවනු ලැබුවේ යානය පිලිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට අපොහොසත් වීමෙන් අනතුරුවයි.

MH370 යානයේ ගමන් කළ පුද්ගලයෙකුගේ ඥාතියෙක් කියා සිටියේ, මෙය තවත් නොවිසඳුණු අභිරහසක් ලෙස අතීතයට එකතු වීමට ඉඩ දීමට තමන්ට නොහැකි බවය.