FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කොප් කමීටුව හමුවට..

සයිටම් ආයතනය ලියාපදිංචි කිරීමට අවසර දුන් ආකාරය හා එහි නීත්‍යනුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලබන 9 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

මේ පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් සති 2ක් ඇතුළත කෝප් කමිටුවට ලබාදෙන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දුන් බව එහි සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය වෙත පැවැසීය.

අදාළ සති දෙක ලබන 8 වැනිදා අවසන් වන බවද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් කීවේය.