FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය ගැන විශේෂ සාකච්ඡාවක්..

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති වර්ජනය පිළිබඳව එම සංගමය සමඟ තවදුරටත් සාකච්ඡා පවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එළඹෙන 07දා සිට දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් ලබන සඳුදා දිනයේදී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්ත මහතා සඳහන් කළේය.

මේ අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පසුගිය සිකුරාදා ලිඛිතව දුම්රිය ගමනාගමන අධිකාරීවරයා වෙත දැනුම් දී තිබේ.