FAST NEWS

24×7 Around the Globe

ව්‍යවස්ථාවක් එපා – විස්ස දෙන්නැයි ශ්‍රීලනිපය ඉල්ලයි..

රටේ වත්මන් අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය නොකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මත කිරීම පමණක් ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ප්‍රබල මතයක සිටින බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේදී ජනමත විචාරණයකට යා යුතු බැවින් මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීම කිසිසේත්ම නොකළ යුතු බව ශ්‍රී ලනිප ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී ඇත.

ආණ්ඩුවේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින අප්‍රසාදය නිසා මෙවැනි වැදගත් අවස්ථාවකදී ද ජනතාව රජයට අප්‍රසාදය පළකිරීම සඳහා එය අවස්ථාවක් කරගනු ඇති බව ද ශ්‍රී ලනිප ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ගේ අදහසවී ඇත.

ඒ අනුව ජනමත විචාරණයකට තුඩුදෙන වගන්ති ඇතුළත් නොකොට විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කරගන්නා ලෙස මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨයන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් ද කර ඇත.