FAST NEWS

24×7 Around the Globe

මහා පරිමාණ මුහුණු ආලේපණ ජාවාරමක් වටලයි…

තොග වශයෙන් මෙරටට ගෙන්වූ මුහුණු ආලේපන නීති විරෝධී ලෙස විවිධ වෙළෙඳ නාමයන් යටතේ ඇසුරුම් කළ ව්‍යාපාරික ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 157ට වැඩි වටිනාකමකින් යුතු මුහුණු ආලේපන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස මුද්‍රා තබා ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වන අතර එම ගබඩාවට මුද්‍රා තබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් පැවසීය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් පවසන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුද්‍රා තැබූ මුහුණු ආලේපන තොගයේ රුපියල් 350 බැගින් මිල කරන ලද අසුරන 45,000 ක් තිබූ බවයි.