FAST NEWS

24×7 Around the Globe

මරදාන හා පුංචි බොරැල්ල අවට රථ වාහන තදබදයක්…

සයිටම් විරෝධී පාගමනක් හේතුවෙන් මේ වනවිට මරදාන සහ පුංචි බොරැල්ල අවට රථ වාහන තදබදයක් ඇතිවී තිබේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් මෙම විරෝධතා පාගමන ආරම්භ වූ අතර
විශ්වවිද්‍යාල සිසුන්, වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් ඒ සඳහා එක්ව තිබේ.