FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ස්ථානාධිපතිවරුන් පැය 48 ක සංකේත වර්ජනයකට සැරසේ…

තම ගැටලූ සදහා විසදුම් නොලැබුණහොත් ලබන 7 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන ලදි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය දෙසැම්බර් මස 2 වනදා සහ 27 වනදා ප්‍රවාහන බලධාරින් සමග පැවති සාකච්ඡාවලදී ඉදිරිපත් කළ ඉල්ලීම් සදහා මෙතෙක් විසදුම් ලැබී නොමැති බවයි.

ඒ අනුව, පසුගිය 21 වනදා රැස් වූ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ලබන 7 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කළ බව ඔවුන් නිවේදනය කරන ලදි.