FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය අද ගිවිසුමකට අත්සන් තැබෙයි…

ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක් ණයට මිලදී ගැනීම සදහා වන ගිවිසුමකට ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය අතර අද(03) අත්සන් කිරීමට නියමිතය.

උඩරට හා පහතරට දුම්රිය මාර්ගයන්හී ධාවනයට යෙදවීම සදහා මෙම දුම්රිය එන්ජින් ශ්‍රී ලංකාවට ගෙන එයි.

අද(03) පස්වරු 3ට  අත්සන් කරන මෙම ගිවිසුමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා එක්වේ.

මෙම දුම්රිය එන්ජින් මිලදී ගැනීමට අදාළව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතියද පසුගියදා ලැබුණි.