FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ වන විනාශය අවම බව ජාත්‍යන්තර අධ්‍යයනයකින් හෙළි වෙයි…

ශ‍්‍රී ලංකාවේ වන විනාශය අඩු වී ඇතැයි ජාත්‍යන්තර අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ඒ පිළිබඳ කරුණු දක්වන වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ සදහන් කර සිටියේ මෙවැන්නකි.

“ජාත්‍යන්තර වශයෙන් වනාන්තර පිළිබඳව කටයුතු කරන්නේ ලෝක ආහාර සහ සෞඛ්‍ය සංවිධානයයි. ඔවුන් හඳුනාගෙන තියෙනවා වර්ෂ 2000 න් පස්සේ ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශ වන වේගය අඩුවෙලා තියෙනවා කියලා. අපේ වනාන්තර ප්‍රමාණය අඩු වුණත් වනාන්තර විනාශ වෙන වේගය අඩු වෙලා තියෙනවා. දැන් ශ්‍රී ලංකාව හඳුන්වන්නේ අඩු වනාන්තර වැස්මක් සහිත අඩු වනාන්තර විනාශවීමේ වේගයක් සහිත රටක් ලෙසයි.”