FAST NEWS

24×7 Around the Globe

ජාතික මානව හිමිකම් සැලැස්ම ඔස්සේ ලංකාවේ මානව හිමිකම් තත්වය වර්ධනයට…

ජාතික මානව හිමිකම් ක‍්‍රියාකාරී සැලැස්ම ඔස්සේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය තවදුරටත් වර්ධනය කිරීමට ශ‍්‍රී ලංකාව කටයුතු කරන බව ජිනීවාහි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ පවසන ලදි.

ඔහු මේ බව පැවසුවේ ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය අමතමිනි.

මෙම වසරේ සිට 2021 වසර දක්වා ශ‍්‍රී ලංකාව අදාළ ක‍්‍රියාකාරී සැලැස්ම ඔස්සේ කටයුතු කරන බවත් හා 2017 වසරේ දී රුපියල් මිලියන 192 ක මුදලක් ඒ වෙනුවෙන් වෙන් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.

ජිනීවාහි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වැඩිදුරටත් පැවැසුවේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හරහා ඒ සඳහා පහසුකම් සපයන බවයි.