FAST NEWS

24×7 Around the Globe

එජාපයට ගියඅය නැවත එනවා- එස්‌. බී. දිසානායක

ජනාධිපති වරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටි ඇතැම් පිරිස්‌ වෙනම පෙරමුණකින් මෙවර එජාපයේ අලියා ලකුණ යටතේ තරග කිරීමට තීරණය කර ඇතත් එම පිරිස මැතිවරණයෙන් පසුව නැවත සන්ධානය සමග එක්‌ව ජාතික ආණ්‌ඩුවක්‌ සෑදීමට එකඟවී ඇතැයි ග්‍රාමීය කර්මාන්ත ඇමැති එස්‌. බී. දිසානායක මහතා පවසයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ උඩුනුවර එළුගොඩ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී පෙරේදා (11 දා) ඒ බව පැවසූ එස්‌. බී. දිසානායක මහතා ජාතික ආණ්‌ඩුවක්‌ හදන්න පුළුවන් ආකාරයේ අවබෝධතාවකින් වෙන් වීමට කතා කර ගත් බව ද කියා සිටියේය.

රතන හාමුදුරුවෝ, පාඨලි චම්පික ඇමැතිතුමා,රාජිත සේනාරත්න ඇමැතිතුමා සමාජ පරිවර්තනයකට සමාජ විප්ලවයකට ඉලක්‌කයක්‌ ඇතිව රටේ ජනතාව මෙහෙයවන්න, රට මෙහෙයවන්න විශාල කැප කිරීම් හා පරිත්‍යාග කළ අය. මේ අය හෙටත් රටට වටිනවා යෑයිද අමාත්‍යවරයා පැවැසීය.