FAST NEWS

24×7 Around the Globe

මාර්තු 02 සිට 04 දක්වා වැසි..

ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් මාර්තු 02 සිට 04 දින දක්වා) දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ  හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින බවද විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්.

නැගෙනහිර,ඌව, උතුර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථාන වල (මි.මී 100ට වැඩි)  තද වැසි ද  ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.