FAST NEWS

24×7 Around the Globe

ගල්කිස්ස ගිනි අවි සිද්ධියට 20 ක් අත්අඩංගුවට ගැනේ..

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ ඊයේ (01) දිනයේදී ගිනි අවිදෙකක් සහ උණ්ඩ සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය

අධිකරණ භූමියේ රැදී සිටි පුද්ගලයින් 09 දෙනෙකු සහ අදාළ සිදුවීම වන අවස්ථාවේ අධිකරණ භූමියට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව හෙතෙම පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 16 දෙනෙකු රත්මලාන , වැටකෙයියාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවත්, ඉන් එක් පුද්ගලයෙකු විසින් අධිකරණ භූමියට ගිනි අවි රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණව වී තිබේ.

එම පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට  පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

සොයාගන්නා ලද ගිනි අවි දෙක ඇඟිලි සළකුණු දත්ත වාර්තා ලබාගැනීමට සහ විද්‍යාත්මක පරීක්ෂණයන්ට ලක් කිරීම සඳහා අපරාධ වාර්තා කොට්ඨාශයට භාර දී තිබේ.

මෙම ගිනි අවි රැගෙන එන ලද්දේ කුමන අපරාධයක් සිදුකිරීම සඳහාද, ගිනි අවි රැගෙන ආ පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.