FAST NEWS

24×7 Around the Globe

සයිටම් වෙනුවෙන් දෙමව්පියෝ ජීනිවා යෑමට සැරසෙති…

සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව කඩිනමින් ක්‍රියාත්මක නොකොළොත් සයිටම් වෛද්‍ය සිසුන්ට සිදුවී තිබෙන අසාධාරණය පිළිබඳව ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණිලි කරන බව මාලබේ වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) මාලබේ වෛද්‍ය විද්‍යාලීය දෙමාපිය සංගමය විසින් කොළඹ 10, සීඑස්ආර් කේන්ද්‍රයේ පවත්වන්නට යෙදුණු මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගැමුණු විජේරත්න මහතා,

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ ඒ සඳහා සුදුසුකම් සහිත දක්ෂ දරුවන්. දේශපාලන ප්‍රශ්නයක් නිසා දරුවන් පීඩනයට පත් කිරීම වැරදියි. සයිටම් එකේ සිටින්නේ මේ රටේ දක්ෂ දරුවන්. ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතුයි. දැන් සයිටම් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් වෙලා. එය කඩිනම්න් ක්‍රියාත්මක කළ යුතුයි. රජයකට වරදින්න පුළුවන්. නමුත් ඒ වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාව තියෙනවා. මැති ඇමැතිවරුන් මේ ගැන කතාබහ කරලා අපේ දරුවන්ට හැකි ඉක්මනට සාධාරණය ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා. මේ ප්‍රශ්නයෙදි කාලෝ ෆොන්සේකා මහත්මයාට දොස් කියන්න එපා. එතුමා මේ රටේ සම්මානනීය පුරවැසියෙක්. මෙතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් යනුවෙන් පැවසීය.