FAST NEWS

24×7 Around the Globe

පෙරටුගාමී පුබුදු සයිටම් වෙඩි තැබීම පිටුපස ඇති දේශපාලන හස්තය හෙළි කරයි..

සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මාධ්‍යම පළාත් වෛද්‍යවරුන්ගේ වර්ජනයක් ඊයේ (28) ක්‍රියාත්මක වු අතර,මීට සමගාමීව පැවති රැළියකදී  සයිටම් ප්‍රධාන විධායක නිළධාරී චමීර සේනාරත්නට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පෙරටුගාමී  සමාජවාදී පක්ෂයේ  ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ  අදහස් පළ කර සිටියේය.

එසේම මෙහිදි සයිටම් වෙඩි තැබීම පිටුපස ඇති දේශපාලන හස්තය පිළිබඳවද ජාගොඩ මහතා විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය.

ඔහු කළ කථාවේ කොටසක් පහතින්..

“සමීර සේනාරත්න තමන්ටම වෙඩි තියා ගත්තා,නිවේදනය කරා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එ වෙඩි තබා ගැනීම රංගනයක් කියලා ඔප්පු වුනා,එ රංගනය සඳහා සහභාගී වෙලා තියෙන්නේ,කොටිකාවත්ත මුල්ලෙරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් ඔහුව පොලීසීයෙන් හොයනවා කියලා,අපි අහනවා රාජීත සේනාරත්නගෙන් කවුද මන්ත්‍රීවරයා එයා පහුගිය මහ මැතිවරණ සමයේ හිටියේ රාජීත සේනාරත්න මහත්තයාගේ කැම්පෙන් ඔපිස් එකේ නෙවෙයිද ? කවුද මෙකේ මහ මොළකාරයා ඔය කියන ප්‍රාදේශිය සභා මන්ත්‍රීත් නෙවේ,ප්‍රාදේශිය සභා මන්ත්‍රීට ඔක කියපු ඇමති කවුද කියලා හොයන්න එතකොට හම්බෙයි තව සේනාරත්න කෙනෙක්ව,චමීර සේනාරත්නට අමතරව..”