FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධයේ ටොප් ටෙන් 09 වැනි පැමීණිල්ල ඇමති රාජීත එරෙහිව..

ඒකාබද්ධ විපක්ෂය ක්‍රියාත්මක කරන ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමේ වැඩපිළිවෙලෙහි නව වැනි පැමීණිල්ල සෞඛ්‍ය අමාත්‍ය රාජිත සෙනවිරත්න මහතාට එරෙහිව අද (01) ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රුපියල් මිලියන 1500 ක් වියදම් කරමින් රුසියාවේ නිෂ්පාදිත පිළිකා රෝගීන් සඳහා නිර්දේශිත බාල වර්ගයේ අත්‍යාවශ්‍ය ඖෂධයක් ගෙන්වා ඇති බවට මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කර සිටියේය.

රාජිත සේනාරත්න මහතා සිදු කර ඇති මෙම වංචාව හුදෙක් මුදල් වංචාවකට වඩා එය මානුෂීය ගැටළුවක් බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

ප්‍රථම වරට වත්මන් අමාත්‍යධූරයේ පමණක් නොව මීට පෙර පැවති ධීවර අමාත්‍යධූරයේ දී රාජිත සේනාරත්න මහතා විසින් සිදු කලා යැයි පැවසෙන මූල්‍ය වංචාවන් රැසක් ද රංජිත් සොයිසා මහතා මෙහිදී කියා සිටියේ ය.