FAST NEWS

24×7 Around the Globe

නි.ඇමති රංජන්ට මරණ තර්ජන – මීරිහානට පැමීණිල කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා තමාට මරණ තර්ජන එල්ල කළ බව පවසමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ(28) පැවති දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අතර තුර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීරයා තමාට මෙලෙස තර්ජනය එල්ල කළ බවට පැමීණිලි කර ඇත.

ඊයේ(28) පැවති  මෙම රැස්වීමට නියෝජ්‍යය‍ අමාත්‍ය රන්ජන් රාමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  ඉන්දික අනුරුද්ධ සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය මෙන්ම  ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එම අවස්ථාවේ පස් ජාවාරම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය. රන්ජන් රාමනායක මහතා සහ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා අතර බහින්බස් වීමක්  ඇති වු අතර එය ගැටුමක් දක්වා දුරදිග ගිය අතර අවට සිටි පිරිස ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළේය.