FAST NEWS

24×7 Around the Globe

ජිනීවාහීදි ශ්‍රී ලංකාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ඉදිරිපත් වෙයි…

මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් කාලය ලබාදිය යුතු බව බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ආසියානු හා පැසිපික් කලාපීය අමාත්‍ය අලොක් ෂර්මා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.

2015 දී ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද ප්‍රතිසන්ධාන හා යුක්තිය ඉටුකිරීම සඳහා ක්‍රියාමාර්ග පිළිබඳ කවුන්සිලයට ගෙන ආ යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට කාලය ලබාදිය යුතු බව හෙතෙම මෙහිදි අවධාරණය කර තිබේ.