යුද්ධයෙන් වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට සත්‍ය දැන ගැනීමේ යාන්ත්‍රණය මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් , ඒ යටතේ සත්‍ය දැන ගැනීමේ කොමිසමට අදාළ නීති කෙටුම්පත ඉදිරි මාස දෙක තුළ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමීත බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (28) ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන මානව හිමිකම් සමුළුව අමතමින් ඔහු මේ බව පවසා සිටියේය.
මානව හිමිකම් උල්ලංඝණය වීම් වලින් පීඩාවට පත් වූවන්ට යුක්තිය ලබා දීම හා ජාතික සංහිඳියාව ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා රජයේ පවතින අධිෂ්ඨානය වෙනස් නොවී පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
වගවීම හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මානව හිකම් කවුන්සිලයේ සාමජික රටවල් 47 හමුවේ අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.
“ ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීම හා වගකීමෙන් යුතු ලෙස ක්‍රියාකිරීමට 2015 ඔක්තෝබර් මාසයේ සිට වත්මන් රජය සහයෝගය දැක් වුවද ශ්‍රී ලංකාවේ විවිධ පාර්ශවයන් විසින් රජයේ මෙම සද් ක්‍රියාව විවේචනයට ලක් කරනවා. එමෙන්ම ඇතැම් අය මෙය පාවා දීමක් හා ද්‍රෝහිකමක් ලෙසද පෙන්වා දී තිබෙනවා“
“පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව අත්කරගත් ඉලක්ක සඳහා දිගින් දිගටම විරුද්ධ වෙමින් ඒවා පිලිනොගමින් පුද්ගලයන් කටයුතු කළද වත්මන් රජය විසින් 2016 වසරේ උතුරේ ජනයාට අක්කර 5,515.98 ක රජයේ ඉඩම් ද අක්කර 1,383.51 ක්ද ලබා දුන් අතර ජනවාරි මස ඉඩම් අක්කර 30.54 ක් ලබා දී තිබෙනවා.“ යයිද පැවසීය.
‘‘එසේම රටේ සංහිඳියාව උදෙසා වන කාර්ය සාධක බලකාය සමඟ එක්ව ලංකාවේ ප්‍රථම වතාවට උතුරේ ජනතාවගේ අදහස් ලබා ගනිමින් වාර්තාවක් නිර්මාණය කර ඇති තිබෙනවා.‘‘
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.