FAST NEWS

24×7 Around the Globe

සයිටම් ලොක්කාව ධුරයෙන් නෙරපයි…

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළ වෛද්‍ය සමීර සේනාරත්න මහතා තාවකාලිකව එම ධුරයෙන් ඉවත් කළ බව එහි සභාපතිවරයා නිවේදනයක් මගින් දැනුම් දී ඇත.

එ අනුව ඊයේ (28) සිට ඔහු එම ධුරයෙන් ඉවත් කළ බවට කළමනාකාරිත්වය දැනුම් දී ඇති බව එම ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම සමීර සේනාරත්න මහතා ගමන් ගත් රථයට වෙඩිතැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් සයිටම් ආයතනය ද අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බව එම ආයතනය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

සයිටම් ආයතනය නීත්‍යනුකූල රාමුවක් තුළ කටයුතු කරන අතර රටේ නීතියට සැම විටම එකඟව ක්‍රියාත්මක වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.