සම්බන්ධන්ට හා සුමන්තිරන්ට එරෙහිව ටී.එන්.එ විරෝධය පායි..

සම්බන්ධන්ට හා සුමන්තිරන්ට එරෙහිව ටී.එන්.එ විරෝධය පායි..

ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රී ලංකා රජයට අමතර කාල දීර්ඝයක් ලබා දීමට දෙමළ ජාතික සන්ධානයේ විරෝධයක් නොමැති බවට එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සිදුකර ඇති ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ තුළින් දැඩි විරෝධයක් මතුවී ඇතව බව එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මාධ්‍ය වෙත පැවසීය.

දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් මහතාත් මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් මහතාටත් හිතෙන සේ පක්ෂයේ පොදු ස්ථාවරය ප්‍රකාශ කළ නොහැකි බවත් සම්බන්ධන් සුමන්තිරන් ඇතුළු කිහිප දෙනෙකු හැර මෙම සන්ධානයේ දේශපාලන පක්ෂ හතරේම නියෝජිතයින් ශ්‍රී ලංකාවට අමතර කාල දිගුවක් ලබා දීම ප්‍රතික්ෂේප කර සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

ශ්‍රීලංකාව තුළ ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමතර කාලයක් ලබා නොදිය යුතුයි යන ස්ථාවරයේ දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට් සහ ටෙලෝ යන පක්ෂ පසුවන බවත් සම්බන්ධන් සුමන්තිරන් නියෝජනය කරන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ බහුතර නියෝජිතයින්ද ඒ අතර වන බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරත් පෙන්වා දුන්නේය.

CATEGORIES