FAST NEWS

24×7 Around the Globe

පක්‍ෂ හයක් මැතිවරණ කොමිෂන් සභාව පිළිගත්තා – මහින්ද

පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රිවරුන් තරග කළ දේශපාලන පක්‍ෂ හයක් මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය (ඉලංකෙයි තමිල් අරසු කච්චි) හා ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය (ඊ.පී.ඩී.පී.) යන පිළිගත් දේශපාලන පක්‍ෂ එම පක්‍ෂ හය බවද මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කතානායකවරයා ප්‍රධාන පාර්ලිමේන්තුව විසින් කළ යුතුව ඇතැයිද දේශප්‍රිය මහතා සඳහන් කෙළේය.