FAST NEWS

24×7 Around the Globe

නාවලපිටිය ලංගම බස් රථ සේවකයෝ වර්ජනයේ

බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් නාවලපිටිය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සේවකයන් අද(28) අලුයම 4 සිට එම වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන්  නාවලපිටිය ඩිපෝවෙන් ගමන් ආරම්භ කරන බස් රථ 71ක ගමන් වාර 84 කට බාධා එල්ල වී ඇති බව සඳහන්.

නාවලපිටිය සිට රොජසන්ගම දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයකට කිසියම් පිරිසක් විසින් පහරදී ඇති අතර එහිදි රියදුරු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.