දුමීන්ද රෝගී වෙයි – බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට …!

දුමීන්ද රෝගී වෙයි – බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට …!

භාරත ලක්ෂමන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද (28) අළුයම රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

අද (28) අළුයම 4.30 ට පමණ ඔහු මෙලෙස හදිසියේ රෝගී වී ඇති බවත් ඉන්පසුව හෙතෙම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

පළමුව දුමීන්ද සිල්වාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවත් පසුව ඔහු දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන්.

දුමින්ද සිල්වාට අලුයම වමනය පිටවීමක් සමග මෙම රෝගී තත්ත්වය හටගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.

CATEGORIES