FAST NEWS

24×7 Around the Globe

මහින්දගේ නමීන් ගැසට් කරන්නයි මහ බැංකුව උපදෙස් දුන්නා – මුද්‍රණාලයාධිපතිනි

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ මතභේදයට තුඩුදී ඇති 1895/19 අංකය දරන ගැසට්‌ පත්‍රය මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නිකුත් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස්‌ මත යෑයි වැඩබලන රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ඊයේ (27 දා) මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනු පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් සඳහන් කළාය.

එම ගැසට්‌ පත්‍රයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම සඳහන් වීම වැරැද්දක්‌ බවද ඒ ගැන රජයේ මුද්‍රණාලයේ කියවීම් අංශයේ නිලධාරියෙක්‌ විසින් තම අවධානයට යොමු කළ බවද රජයේ මුද්‍රණාලයාධිපතිවරිය කීවාය.

තමා ඒ පිළිබඳව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙස අදාළ නිලධාරියාට උපදෙස්‌ දුන් බවත් මහ බැංකුවෙන් විමසූ විට මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් එය මුද්‍රණය කරන ලෙස උපදෙස්‌ ලැබී තිබුණු බවද ඇය කියා සිටියාය.

ඩබ්ලිව්. ආර්. ඡේ. ද මෙල් නම් නිලධාරියා විසින් දුරකථනයෙන් එය රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් විමසා තිබුණ බවද වාසනා නම් නිලධාරිනියක්‌ එම පැහැදිලි කිරීම කර තිබුණු බවද රජයේ මුද්‍රණලායාධිපතිවරිය කියා සිටියාය.

ගැසට්‌ පත්‍ර අංකය වෙන්කරගෙන තිබු 2015.01.01 දින සිටි මුදල් ඇමැතිවරයා මහින්ද රාජපක්‍ෂ මහතා නිසා ඒ නමින් ගැසට්‌ පත්‍රය මුද්‍රණය විය යු බවට මහ බැංකුවෙන් කළ එම විමසුමේදී උපදෙස්‌ දී තිබුණු බවද ඇය කීවාය.

මෙම ගැසට්‌ පත්‍රය මුද්‍රණය සඳහා මහ බැංකුවෙන් රජයේ මුද්‍රණාලයට එවා තිබුණේ 2016.11.17 දින බවත් ඒ අවස්‌ථාවේ රටේ මුදල් ඇමැතිවරයා රවී කරුණානායක මහතා බවත් හෙsදී රජයේ නීතීඥවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රජයේ මුද්‍රණාලයාධිපතිවරිය තවදුරටත්a කීවාය.