FAST NEWS

24×7 Around the Globe

මීල ඉක්මවා සහල් අලෙවි කරන්නන් අත්අඩංගුවට ගන්න -ජනපති

පාලන මීල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත අද (27) නියෝගයක් නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සහල් පාලන මිලට අදාළ ගැසට් නිවේදනය ඉකුත් 08 වැනිදා නිකුත් කලනමුත් සහල් පාලන මීල ඉක්මවමින් ඇතැම් වෙළඳුන් සහල් අලෙවි කරන බවට පැමිණිලි ලැබී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් සිදු කරන ලෙස අදාළ අංශ වෙත නියෝග කර ඇත.