FAST NEWS

24×7 Around the Globe

ජීනිවා නිර්දේශ ක්‍රියාත්මක කිරීම රජයට කල් නොදෙනු – ටී.එන්.එ

ජීනිවා නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට ලක් රජයට කාල දීර්ඝයක් ලබා දීම යනු යුද අපරාධ සිදුකරන සෙසු රටවල්වලටද උදාහරණයක් වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමාසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

එ අනුව එම සන්ධානය ආදාළ ලිපිය මගින් ඉල්ලා ඇත්තේ මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී  ජිනීවාහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා ලක් රජය වෙත ලබා දී තිබූ කාලය තවදුරටත් දීර්ඝ නොකරන ලෙසයි.

මෙම ලිපිය  සඳහා දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්දන් ඇතුළු එම පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අට දෙනෙකු  අත්සන් තබා නැති බවද පැවසේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය අද (27) ආරම්භ විය.

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට ලබා දුන් කාලය 2017 මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතය.