FAST NEWS

24×7 Around the Globe

පරිසරය විනාශ කරන සියල්ලන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග…

පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේදී කර්මාන්තකරුවන්ට සහ පාරිසරික බලපෑම් ඇගයීමේ ක්‍රියාවලිය යටතේ අදාළ ව්‍යාපෘතීන් සඳහා නිර්දේශ ලබාදීමේදී කොන්දේසිවලට අනුගත නොවී පරිසරය විනාශ කරන සියල්ලන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය වැටලීම් අඛණ්ඩව සිදුකරන අතර පරිසර හානි සිදුකරමින් ජනතාව පීඩාවට පත් කරමින් කරගෙන යන සියලුම කාර්යයන්ට එරෙහිව අනෙකුත් අදාළ ආයතන සමඟ එක්ව පරිසර හානි පාලනයට පියවර ගන්නා බවත් සභාපතිවරයා පවසයි.

සංවර්ධන ක්‍රියාකාරකම්වලට මුවා වී ඇතැම් පිරිස් පරිසරයට හානි කරන බවත් කුමන සංවර්ධන කාර්යයකට වුවද තම ක්‍රියාදාමය පරිසරයට හානියක් නොවන ලෙස පවත්වාගෙන යෑමට සදාචාරාත්මක අයිතියක් ඇති බවත් පරිසරයට හා ජනතාවට පීඩා වන ආකාරයෙන් කර්මාන්තකරුවන් දිගින් දිගටම ක්‍රියා කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නඩු පැවැරීමට පියවර ගන්නා බවත් එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.