FAST NEWS

24×7 Around the Globe

කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි – 06 ක් මරුට..

කළුතර සිට කඩුවෙල අධිකරණය වෙත  රැඳවියන් රැගෙන එමින් තිබූ බන්ධනාගාර බස් රථ දෙකකට කළුතර එතනමඩල ප්‍රදේශයේ දී වෑන් රියක් හරස්කොට අද (27) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුවු බව පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබිමෙන් සමං නමැති පාතාල සාමාජිකයා ඇතුළු රැඳවියන් පහක් සහ බන්ධනාගාර නිලධාරියකු මියගොස් ඇති බවද පැවසේ.

බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ද මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් ඇඳුමින් සැරසී පැමිණි පිරිසක් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි බවද සඳහන්.