FAST NEWS

24×7 Around the Globe

ඇමති ෆයිසර් පළාත් පාලන මැතිවරණයට දින දෙයි…!

පළාත් පාලන මැතිවරණය මැයි මාසය තුළ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් හමුවේ අවධාරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (24) වැනිදා රාත්‍රියේ  ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණු සන්ධාන විධායක සභාවේදී ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බව වාර්තා වේ.

මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කළ විමසුමකදී ෆයිසර් මුස්තාෆා ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇති බවද පැවසේ.

අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සන්ධාන පක්ෂ නායකයන් හමුවේ මේ බව තහවුරු කර ඇති බව ද වාර්තා වේ.