FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික අංශයට සහල් ආනයනයට අවස්ථාව දුන්නා- ඇමති රිෂාඩ්…

වැඩි මිලට සහල් විකිණීම සහ පරිභෝජනයට නුසුදුසු සහල් විකිණූ වෙළෙන්දන් 1300 කට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැවැසීය.

පාරිභෝගික සේවා අධිකාරිය පෙබරවාරී මාසය තුළ සිදු කළ වැටලීම් 1900 ක දී මෙම පිරිස හඳුනාගත් බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර ඔහු මේ බව පවසා සිටියේ වව්නියාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආනයනික සහල්, දේශීය සහල් සමග මිශ‍්‍ර කර අලෙවි කරන වෙළෙන්දන්ට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදි.

ඉකුත් සමයේ සහල් ආනයනය කිරීමට ආණ්ඩුව ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට ද රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වූ අතර එහිදී ඔහු සඳහන් කළේ මෙවර රජයේ මුදල් වැය නොකර පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දුන් බවයි.