FAST NEWS

24×7 Around the Globe

සම සෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන් පිරිසකට විකිරණ ප්‍රතිකාරක උපාධිය නැවතෙයි…

පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ සිසුන් පිරිසකට ප්‍රායෝගික සායනික පුහුණුව නොමැතිවීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාරක උපාධිය ලබාගැනීම නැවතී ඇති බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම් ධර්මකීර්ති ඈපා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විකිරණ තාක්ෂණවේදී රෝග නිධාන පරීක්ෂණ උපාධිය සඳහා ද සිසුන්ට කුරුණෑගල මහ රෝහල වෙත යාමට සිදුව ඇති බවයි.