වත්මන් යහපාලන රජය විසින් 2015 පෙබරවාරි මස සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළ ගැසට් පත්‍රය පෙරදා නම් කොට තමාගේ නමින් මුද්‍රණය කිරීමෙන් තමාට විශාල අපහාසයක් සිදුවී ඇති බැවින් මෙයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු වත්මන් මුදල් ඇමැතිවරයාට සහ මුදල් අමාත්‍යාංශයට එරෙහි නඩු පැවරීමට තමා තීරණය කර ඇතැයි හිටපු ජනාධිපති සහ හිටපු මුදල් හා ක්‍රමසම්පාදන ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.
තමා සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවද ඒ අනුව තමාට සිදු කළ අපහාසයට එරෙහිව නීති පියවර ගන්නා බවත් මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ද එක්‌තරා ප්‍රමාණයකට වගකිව යුතු බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.
තමා ඔය කියන බැඳුම්කර නිකුතුවට කිසිදු සම්බන්ධයක් නැති වුවත් අදාළ ගැසට් පත්‍රය තමාගේ නමින් නිකුත් කිරීමෙන් බලවත් වරදක් කර ඇති බවත්, ඒ තුළ මේ බැඳුම්කර නිකුතුවට තමා සම්බන්ධ බවට හැඟීමක් ඇති කිරීමට ක්‍රියාකර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා කියයි.
“මම 2015 ජනවාරි 09 දිනෙන් පසු ජනාධිපති නෙවෙයි. ඒ නිසා අදාළ ගැසට් පත්‍රයට ඇතුළත් කළ යුතු වන්නේ මගේ නම නොවෙයි. එහෙත් කලින් වෙන් කරගෙන තිබූ ගැසට් පත්‍රයේ අංකයට මගේ නම වෙනස් නොකර එහෙමම මුද්‍රණය කරලා තිබෙනවා. මේ බැඳුම්කර නිකුතුවට මම සම්බන්ධ බවට මේ නිසා හැඟීමක් ඇති කරන්න හදනවා. මේ ගැන දැනටමත් බොහෝ පිරිසක් මගෙන් දුරකථනයෙන් විමසුවා. ඒ නිසා වත්මන් මුදල් අමාත්‍යාංශය මට කර තිබෙන්නේ බරපතළ අපහාසයක්. මේ ගැන මගේ නීතිඥවරුන් දැන් අධ්‍යයනය කරමින් ඉන්නවා. මේ අයට වගකීමක් තිබුණේ මේ ගැසට් එකට මගේ නම යොදන්නෙ නැතුව ඉන්න. ඒ වගකීම මේ අය පැහැර හැරලා රටට වැරදි චිත්‍රයක් දෙන්න හදනවා. ඒ නිසා මම මේකට නීති පියවර ගන්නවා. මේ අය කළ බැඳුම්කර නිකුතුවට මගේ නම දැමීම බලවත් වරදක්. මම මේක සිදුවන විට රටේ මුදල් ඇමැති නෙවෙයි”.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.