FAST NEWS

24×7 Around the Globe

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා…

කොළොන්නාවේ සිට අනුරාධපුරය බලා ධාවනය වු තෙල් ප්‍රවාහන දුම්රියක්  අද(26) අළුයම පීලිපැනීම හේතුවන් උතුරු දුම්රිය මාර්යේ ධාවන කටයුතු වලට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

තඹුත්තේගම සහ සෙනරත්ගම අතර ප්‍රදේශයේ දී මෙම දුම්රිය පීලිපැනීම සිදුව තිබේ.

මේ හේතුවෙන් අනුරාධපුරයේ සිට අද අළුයම 5.00ට කොළඹ බලා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබු දුම්රිය ප්‍රමාද කර ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය.

පීලිපැනීමට ලක්වු තෙල් ප්‍රවාහන දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතියි.